ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා බල ප්‍රදේශයේ පිහිටි 'ගේට්වේ' (Gateway) ජාත්‍යන්තර පාසලේ පිහිනුම් තටාක සංකීර්ණයක ඉදිකිරීම් නවතාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තහනම් නියෝගයක් නිකුත් කළේය.
එම පිහිනුම් තටාක සංකීර්ණයේ ඉදිකිරිම්වලට එරෙහිව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් විසින් මීට ඉහත දී කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබිණ.
පසුව අදාල ජාත්‍යන්තර පාසල විසින් ඊට එරෙහිව සිවිල් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකරනු ලැබිය.එහිදී සිවිල් අභියාචනාධිකරණය කොළඹ දිසා අධිකරණයෙන් ලබා දි තිබු තහනම් නියෝගය අහෝසි කළේය.
ඊට එරෙහිව පැමිණිලිකාර පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකරනු ලැබුවේ ඉන් අනතුරුවය. ඒ අනුව අදාල නඩුව ඊයේ දිනයේ දී අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරින.
ඊට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර සහ රෝහිණි මාරසිංහ යන මහත්මීන් ද ඇතුලත්විය.
එහිදී අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ ජාත්‍යන්තර පාසල විසින් ඉදිකරනු ලබන පිහිනුම් තටාක සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු සිවිල් අභියාචනාධිකරණයේ පවතින නඩුවේ තීන්දුව ලබාදෙන තෙක් නවතා දමන ලෙසයි.
මෙම පිහිනුම් තටාක සංකීර්ණයේ ඉදිකිරිම සම්න්ධයෙන් අදාල පදිංචිකාරිනිය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට ද පැමිණිලි කර තිබේ.
ඒ සම්න්ධයෙන් මහනගර සභාව නිසි පරිදි ක්‍රියාත්මක නොවිම නිසා පැමිණිලිකාරිනිය මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට එළැඹ තිබේ.