Wednesday, December 4, 2013

Written on

ප්‍රසන්නගේ ගමපහ පුරවරය කුණු කන්දක් වෙලා

ගම්පහ ප්‍රසන්න පුරවරයක් බවට පත්කරන බව කියමින් බලයට පැමිණි බස්නාහිර පළාත් සභා මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ ජනතාවට දැවැන්ත කුණු කන්දක් පමණක් ඉතුරු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ජා-ඇල ප්‍රදේශයේ පවතින් විශාල කුණු කන්ද සම්බන්ධයෙන් ඔහුට නිරන්තරයෙන් පැමිණ ඇති පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීම සඳහා එම කුණු කන්ද අවට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිණි.

කුණු කන්ද අසල මාර්ගය දක්වාම පැමිණ ඇති බවත් එම මාර්ගයෙන් අවට පාසල් 4කට සිසු සිසුවියන් ගමන් කරන බවත් තවත් බොහෝ දෙනා එම මාර්ගය භාවිතා කරන බවත් ඒ මහතා පවසයි.

එම කුණු කන්දට මස්කරන ලද හා මිය ගිය සතුන්ගේ කොටස්ද දමා ගොස් ඇති බවත් ප්‍රදේශයම දැඩි දුර්ගණ්ධයක් හමන බවත් මහින්ද ජයසිංහ මහතා නිරීක්ෂණය කර තිබේ.

මේ අවස්ථාවට ජා-ඇල ප්‍රදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී කීර්ති චද්‍රප්‍රනාන්දු මහතා සහ වී. අයි. ආබ්දීන් මහතාද එක්වී තිබේ.








More News