Friday, December 13, 2013

Written on

[Dehi News] ෆොන්සේකා එජාප සන්ධාන ප්‍රතික්ෂේප කරයි

ජනතා විමුක්ති පෙරමුණද 
එජාපය ප්‍රතික්ෂේප කරයි  

බස්නාහිර පළාත් සභාව හෝ වෙනත් කුමන පළාත් සභාවක් සඳහා හෝ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානයකින් ඉදිරිපත් නොවීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා තීරණය කර ඇතයි වාර්තාවේ.

ගොසිප්9 කල විමසීමකදී එම පක්ෂයේ ප්‍රධානියකු කියා සිටියේ, බස්නාහිර පළාත් සභාවට තනිව තරග කොට තම පක්ෂයේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට තීරණය කල බවයි.

බස්නාහිරින් තම පක්ෂයට මන්ත්‍රී ආසන 15 කට වැඩි ප්‍රමාණයක් ගත හැකි බවට ෆොන්සේකා මහතා ගණන් බලා ඇතැයි  ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණය 
අනෝමා ෆොන්සේකා මහත්මිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බැවින්, ඇය බස්නාහිරට ඉදිරිපත් නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජවිපේ ප්‍රතික්ෂේපය 
ජනතා විමුක්ති පෙරමුණ ද පළාත් සභා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග මැතිවරණ සන්ධානයකට යාම ප්‍රතික්ෂේප කර තිබේ.

More News