Monday, December 16, 2013

Written on

එතනෝල් ජාවාරමේ ආණ්ඩුවේ දෙන්නා මෙන්න

නීති විරෝධී ලෙස මෙරටට අනයනය කර තිබියදී රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද එතනෝල් තොගය පසුපස ආණ්ඩුවේ දේශපාලඥයන් දෙදෙනෙකු සිටින බවට ලද තොරතුරු මත විමර්ශණ කටයුතු ආරම්භ වී ඇතැයි පසුගිය දිනවල පුවත් වාර්තා කර තිබුනි.

ඊට සම්බන්ධ දේශපාලඥයින් දෙදෙනා ප්‍රනාන්දුලා දෙදෙනෙකු බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර ඊයේ (15) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ හෙළිදරව්ව අනුව එම ප්‍රබලයින් දෙදෙනා වන්නේ අභ්‍යන්තර වෙළෙඳකටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාය.

මෙරට පිහිටි මත්පැන් නිෂ්පාදන සමාම් 20ක් වාර්ෂිකව නිශ්චිත එතනෝල් ප‍්‍රමාණයක් ආනයනය කරනු ලබන බවත් ඇතැම් ජාවාරම්කරුවන් විසින් අධික ලාභ අපේක්‍ෂාවෙන් නීති විරෝධීව එතනෝල් ආනයනය කර ප‍්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළඳපලට නිකුත් කරන බවත් විමර්ශණ වාර්තා සඳහන් කරයි.

මෙම ජාවාරම නිසා රුපියල් කෝටි 1,500කට අධික බදු ආදායමක් වසරකට රජයට අහිමි වන බවද එම වාර්තා වැඩිදුරටත් හෙළි කරයි.

More News