
එම ස්ථානයට පැමිණි තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වී සිටි CID සාමාජිකයින්ට පහරදෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන්ද සිට ඇති නමුත් ඔවුන් එය වැලැක්වීමට කටයුතු කර නැත.
කෙසේ නමුත් පසුව පොලිස් නිලධාරීන් විරෝධතා කරුවන් විසුරුවා හර තිබේ.
පහරදීමට පැමිණි අය අතර මුහුණු ආවරණය කරගෙන සිටි අයත් හමුදාවේ කලු බැනියමට සමාන ඇඳුමක් ඇඳසිටි බවත් වාර්තාවේ.