Monday, December 9, 2013

Written on

[DEHI NEWS] CHOGM සල්ලි හොයන්න බල්ලන්ටත් බද්දක්

කොළඹ නගරයේ සුනඛයින් 15,000ක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් 10,000ක් පමණ මෙතෙක් ලියාපදිංචි කර නැති බවත් පවසමින් කොළඹ මහ නගර සභාව විසින් එම සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා වන නීති බල ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

එක් බල්ලකුට රුපියල් 50ක්ද බැල්ලියකට රුපියල් 7.50ක්ද ලියාපදිංචි ගාස්තු ලෙස අය කෙරේ.

පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලු සමයේ අයාලේ ගිය බල්ලන් තුන්සීයක් පමණ අල්ලා කොළඹින් ඉවත් කිරීමට කටයුතු කළ අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ බිරඳ ඇතුළු පිරිසක් ඊට විරෝධය දක්වමින් උද්ඝෝෂණයකද නිරත වූහ.

කෙසේ නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කොළඹ මහ නගරසභා සීමාවේ සිදුකළ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් නගර සභාව සිදුකළ අධික වියදම් පියවා ගැනීම සඳහා මෙවැනි නව උපක්‍රම යොදමින් සිටී. නගර සභාව මේ වනවිටත් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටී.

ඉදිරියේදී තවත් බදු ක්‍රම කිහිපයක් කොළම මහ නගර සභාව විසින් හඳුන්වාදීමට නියමිත බවත් වාර්තාවේ.

More News