එංගලන්ත ඕල්ඩ්ට්‍රැෆර්ඩ් පිටියේ වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේදී හිටපු ලෝක ශූරයන් වූ නවසීලන්තය පරාජයට පත්කරමින් රග්බි ලීග් ලෝක කුසලාන දිනාගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (30) සමත් විය.
ඕස්ට්‍රේලියාව ලකුණු 32-02ක් ලෙස නවසීලන්ත පිල පරාජයට පත් කළේය.ඕස්ට්‍රේලියාව රග්බි ලෝක ශූරතාවට හිමිකම් කී 10 වැනි අවස්ථාව මෙය වේ.
පළමු විනාඩි විස්ස තුළ දෙපිල අතර කරට කර තරගයක් පැවතුනද 19 වැනි විනාඩියේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බිලී ස්ලේටර් නවසීන්ත කොටස ආක්‍රමණය කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමග තරගය තමන්ගේ අනසකට නතුකරගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.
පළමු භාගය නිමාවන විට ඕස්ට්‍රේලියාව ලකුණු 16 - 02ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
වසර 2010 වසරේ රග්බි ලීග් ලෝක කුසලානය දිනා ගත් නවසීලන්තය මෙවර අනුශූරයන් බවට පත්වීමත් සමග අවස්ථා 3කදී අනුශූරතාව දිනාගෙන තිබේ.