Friday, November 1, 2013

Written on

[Updates] තවිෂගේ දෙමාපියන්ගෙන් ආයාචනයක්


Updates
තම පුතුගේ මරණය පිළිබඳ තොරතුරු දන්නා අයෙක් වේ නම් වහා ඉදිරිපත් වන ලෙස පසුගියදා මරණයට පත්වූ තවිෂ ලකිඳු පීරිස් ගේ දෙමාපියන් විශේෂ ආයාචනයක් ඉදිරිපත් කර ඇති බව දකුණු යෝක්ෂයර් පොලිසිය ප්‍රකාශ කර සිටී.

සිය පුතු ගේ අභාවයෙන් දැඩි ශෝකයට පත් වූ බවයි ශ්‍රී ලංකාවේ සිට ප්‍රකාශයක් කළ තවිෂ ගේ දෙමාපියන් වන සරත් මහින්ද පීරිස් සහ සුධර්මා නාරන්ගොඩ ප්‍රකාශ කර සිටියේ.

පුතුගේ වෙන් වීම දැඩි ශෝකයටත් කම්පනයටත් හේතු වූ බවත් ඔහු ජීවතුන් අතර නොමැති බව අදහා ගත නොහැකි බවත් තම පුතු කාගේත් සිත් දිනා ගත්, ආගමානුකූල දිවියක් ගත කළ අහිංසක තරුණයකු බවත් දෙමාපියෝ ප්‍රකාශ කරති.

‘ෂෙෆීල්ඩ් හලම්’(Hallam) සරසවියේ සිය උපාධිය නිම කළ විසිපස් හැවිරිදි තවිෂ ලකිඳු පීරිස්, පීසා සමාගමක රැකියාවක නිරත ව සිටි අතර, ඇණවුමක් අනුව පීසා සැපයීමට ගිය ඔහුගේ මෝටර් රථය
තුළ පිහියෙන් ඇන මරා දමනු ලැබ තිබිණ.

-සබැදි පුවත්- 
‘තවිෂ’ ඝාතනයේ අපරාධකරුවන් අල්ලා ගැනීමට පොලිස් මෙහෙයුමක්

More News