“රූං පෙත්ත කැරකෙනවා බඩු මිල ඉහළට යනවා, මුදල් ඇමති සුරංගනා කතා කියනවා“ යැයි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
එසේම 2014 අය වැයෙන් බඩු මිල ඉහළට ගොස් ඇති බව අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේය.
මේ වන විට ආණ්ඩුව විසින් ජනතාවගේ වර්තමාන අදායමට තට්ටු කළා පමණක් නොව අනාගත ආදායමට පවා තට්ටු කර ඇති බව ඒ මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
පසුගිය දිනක පොලිස් නිලධාරියෙකු ඇතුළු සිය බිරිඳ ඝාතනය කළ සැකකරු පැනලා යද්දී පොලීසිය විසින් වෙඩි තැබූ බවත්, තව කෙනෙකු ගඟේ ගිළී ජීවිතක්ෂයට පත් වූවායැයි පවසන බවත්, වැරදී කළ මිනිසුන්ට දඬුවම් ලැබිය යුතු බවද නමුත් එය අධිකරණය විසින් වැරදිකරු කිරීමෙන් අනතුරුව බව හෙතෙම අවධාරණය කළේය.
එසේම අධිකරණයේ පවතින නඩු විභාග දිනෙන් දින කල් යන බවත්, නීතියේ ප්‍රමාදය අඩු වී ඇති බව දත්ත ඇතිව තහවුරු කරන ලෙස තමන් විසින් අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.
සාධාරණය කල් ගියෝත් එතන සාධාරණයක් නොමැති බවද ඔහු කීවේය.
මෙරටේ සිටින ආණ්ඩුව නීතිය කඩ කරමින් සිටින බවත්, ආණ්ඩුව නීතියට ගරු නොකරන බවත් එහිදී ඒ මහතා අවධාරණය කළේය.
තවද ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා එ.ජා.ප විසින් තීරණය කර ඇති බවත්, අය වැය හරහාවත් ජනතාවට කිසිදු සහනයක් ලැබී නොමැති බවත්, ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.