Friday, November 1, 2013

Written on

[Dehi News] බොදු බල සේනා හා ගෝඨාභය සේනා එළිපිට වැඩ

බුද්ධ ශාසන අමාත්‍යංශය, නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට වහාම පවරන්නැයි බලකරමින් බොදු බල සේනා සංවිධානය බුද්ධ ශාසන අමාත්‍යංශය වැටලීමට සුදානම් වන බව විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යනුවෙන් ව්‍යවස්ථාවෙහි සඳහන්ව තිබුණද එය හුදු ප්‍රකාශයක් පමණක් බවට පත්කර ඇති බවත්  බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් පසුගිය වසරේ බොදු බල සංවිධානයට දුන් පොරොන්දු ඉටු නොකළ බවත් සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට අමාත්‍යංශය පවරන්නැයි ඉල්ලා සිටින බවත් වාර්තාවේ.

බොදු බල සංවිධාන මිට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට බුද්ධ ශාසන අමාත්‍යංශය පවරන්නැයි ප්‍රකාශකර සිටියත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රසිද්ධියේම මෙවැනි විරෝධතාවයක යෙදෙන පළමු අවස්ථාවද
මෙය වේ.

More News