ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂ දෙකක් වෙනස් මතවාදයක් ඉදිරිපත් කිරීම නිසා ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
අදාළ සුළු පක්ෂ පෙන්වා දී ඇත්තේ බස්නාහිර පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම උපක්රමික වශයෙන් ආණ්ඩුවට වාසිදායක බවයි. එසේම ජනාධිපතිවරණය තවදුරටත් කල් නොයවා කඩිනමින් පැවැත්වීම සුදුසු බවද එම පක්ෂ ආණ්ඩුවට අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් රැසක් පෙන්වා දී ඇත්තේ බස්නාහිර පළාත් සභාව විසුරුවා හැර එහි ප්රචාරක කටයුතු සිදු කරන අතරතුර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම වඩා සුදුසු බවයි. එමඟින් ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වඩා සාර්ථකව කළ හැකි බව අදාළ ප්රබලයන්ගේ අදහස වී තිබේ.
මීට පෙර ආණ්ඩුව සැලැසුම් කර තිබුණේ ලබන අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමටය. එය ඉලක්ක කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුළුල් ප්රතිසංවිධානයක් සිදු කිරීමටද ආණ්ඩුව මේ වන විට කටයුතු කරමින් සිටී.