Thursday, November 7, 2013

Written on

CHOGM නැටිල්ලේ බර දෙමාපියන්ට

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගීවන ඒ ඒ රාජ්‍යයන් නියෝජනය වන පරිදි ඒ ඒ රටවල සංකෘතිකාංග විදහා දක්වමින් පැවැත්වෙන සංදර්ශන සහ නැටුම් සඳහා යොදා ගන්නා පාසල් දරු දැරියන්ට අවශ්‍ය ඇඳුම් සක්ස් කරගැනීම සඳහා රෙදිමිලදී ගැනීමටත් ඊට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටත් බව පවසමින් පාසල් 53ක දරු දැරියන්ගෙන් රුපියල් 2000 සිට 4000 දක්වා මුදල් අයකර ගැනීමට පාසල් පාලන අධිකාරිය කටයුතු කරන බවත්, මේ නිසා දෙමාපියන් දැඩි දුෂකරතාවට හා පීඩනයට පත්ව ඇති බවත් වාර්තා වේ.

මීට අමතරව පොදුරාජ්‍ය නායක මණ්ඩලීය සමුළුවේ කටයුතුවලට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් සහ හම්බන්තොට දිස්ත්‍රිත්කයේ පාසල් 03ක් යොදාගැනීම නිසාත් එම නර්තන පුහුණු කිරීම සඳහා දරුවන් යොදාගැනීම නිසාත් මේ දිනවල පැවැත්වීමට නියමිත අවසාන වාර විභාග පරීක්ෂණ කටයුතුවලටද අවරහිරතා ඇතිවී තිබේ.

මෙම කටයුතුවලට දරුවන් යොදා නොගෙන තරුණසේවා සභාවෙන් හෝ වෙන්ත් එවැනි ආයතනයක් හරහා අවශය පිරිස යොදාගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීම පිළබඳවත් එම නර්තන සඳහා දෙමාව්පියන්ගෙන් මුදල් අය කිරීම පිළිබඳවත් දෙමාපියන් තම කනස්සල්ල පළ කරමින් සිටී.

More News