ශ්‍රී ලංකාවේ පවත්වා අවසන් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සදහා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු ප්‍රතිශතයකින් විදේශීය නියෝජිතයන් විසින් කාමර ඇනවුම් කර ඇති බව කොළඹ නගර හෝටල් සංගමයේ සභාපති එම්.ශාන්ති කුමාර් මහතා පවසයි.
නොවැම්බර් 15 හා 16 දෙදින තුළදීත් කාමර පිරී ගියේ 55% කට ආසන්න ප්‍රමාණයකට බවද පවසන ඒ මහතා සමුළුවේ ආරම්භක දිනය වූ 10 වැනිදා සිට 13 වැනිදා දක්වා එම අගය 30%ක්ද, 13 සහ 14 යන දිනවල එම අගය 40%ක අගයකද පැවති බව තවදුරටත් සදහන් කරයි.
සමුළුව පවතින කාලසීමාව තුළදී කොළඹ නගරයේ පවතින හෝටල් වල අඩුම වශයෙන් කාමර 4000ක්වත් අලෙවි වනු ඇතැයි අපේක්ෂා කළද,සත්‍ය තත්ත්වය 2000-2100ත් තරම් පහළ අගයට පැවති බවද කුමාර් මහතා පවසයි.
සමුළුව අරමුණු කර ගනිමින් කොළඹ පවතින බොහෝ හොටල් අලූත්වැඩියා කටයුතු සිදු කළ බවත්, සාමාන්‍ය තත්ත්ව යටතේ මෙම මාසවල කොළඹ පවතින හෝටල්වල කාමර 75%-80%ත් අතර ප්‍රමාණයක් දිනකට අලෙවි වන බවත් සභාපතිවරයා සදහන් කරයි.