Thursday, November 7, 2013

Written on

සිසු විරෝධයට බයේ දොරවල් වසයි!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාල සීමාව තුල විශ්වවිද්‍යාල පද්ධතිය වසා දැමීමට එරෙහිව රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ (06) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී විරෝධතාවයක් පවත්වා තිබේ.

එහිදී රජරට විශ්විද්‍යාලයේ ශිශ්‍ය ක්‍රියාකාරිකයෙකු පැවසූවේ "මෙසේ CHOGM සඳහා විශ්වවිද්‍යාල වසා දැමීමේ කිසිඳු සාධාරණ හේතුවක් නොමැත. ප්‍රධානතම හේතුව වනුයේ මේම සමුළුවට සමගාමීව විවෘත කිරීමට සැරසෙන 'අධ්‍යාපන වෙළඳ කලාප' ආරම්භ කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් කරනු ලබන විරෝධතා මැඩ පැවැත්වීමයි. ඒ අනුව යටත් වීමේ අහිමානය සමරමින් පාලකයන් සතුටු කිරීමට මෙලෙස ජාතික විශ්වවිද්‍යාල පද්ධතියද පාසල් පද්ධතියද වසා දමමින් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය වැනසීමට ආණ්ඩුව කරනු ලබන මෙම ක්‍රියාව අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා" යනුවෙනි.

අධ්‍යාපන වෙළඳ කලාප ආරම්භකරමින් මිහිරිගමදී චාල්ස්කුමරු අතින් එක් විශ්වවිද්‍යාලයකට මුල්ගල් තැබීමට සූදානම් වන්නේ යැයි පවසමන් එයට එරෙහිව පසුගියදා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්  කාර්යාලයට පෙත්සමක්ද බාරදෙන ලදී.


More News