Tuesday, November 5, 2013

Written on

අරුන්දිකගේ ගෝලයා අත්අඩංගුවට

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී රුක්මක් කොළඹගේ මහතා වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසමින් වෙන්නප්පුව - බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි තරුණයින් හතර දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 09ක මුදලක් ලබා ගෙන වංචා කර ඇතැයි ඔහුට එරෙහිව ලැබුනු චෝදනවාන්ට සැකපිට ඔහුව අත්අඩංගුවට ‍ගත් බව පොලීසිය සඳහන් කරයි.

තමන් විසින් මුදල් ලබා ගත් බවට මන්ත්‍රීවරයා විසින් පැමිණිලිකරුවන් වෙත ලබා දී තිබු ලිපි කීපයක්ද ඔවුන් විසින් පොලීසියට ඉදිරිපත් කර ඇත.

මෙම මන්ත්‍රීවරයාට එරෙහිව මීට පෙර අවස්ථා කීපයකදීම වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කීපයක්ම ලැබී ඇති බවත් ඔහු මාරවිල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය සඳහන් කරයි.

ඔහු වෙන්නප්පුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීපතමයෙකුද වේ.

More News