Tuesday, November 5, 2013

Written on

මුරලිගේ මල්ලිට කෝටි එකහමාරක් දඩයක්

රට තුල මහත් ආන්දෝලනයක් ඇති කරමින් රේගුවටද වංචා කරමින් තීරු බදු නොගෙවා එතනෝල් කන්ටේනර් දෙකක් මෙරටට ගෙන්වූ පස් දෙනෙකුට රේගුව විසින් රුපියල් තුන්කෝටි තිස්හත් ලක්ෂයක දඩ නියම කර තිබේ.

මෙසේ දඩ නියම කර ඇත්තේ, මුත්තයියා ශෂිදරන්, ජයලත් පීරිස්, ආර්. ඞී. සමරක්කොඩි (එතනෝල් ගෙන්වූ සමාගමේ හිමිකරු), තරූන් සමීර සිල්වා (සමාගමේ ලේකම්), රමේෂ් කුමාරපුල්ලේ යන පස් දෙනාටය.


පළමු සහ දෙවැනි සැකකරුවන් රුපියල් එක්කෝටි පනස් ලක්ෂය බැගින් ද ඉතිරි සැකකරුවන් දොළොස් ලක්ෂ පනස් දහස බැගින් ද දඩ මුදල් නියම විය.


මේ වසරේ මාර්තු මස 8 වෙනිදා වරායට ළගා වූ කන්ටේනර් දෙකක් වරායෙන් පිටතට ගෙන යද්දී සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදුව කළ පරීක්ෂණ වලින් හෙළි වූයේ එම කන්ටේනර් දෙකේ එතනෝල් ලීටර් 61500 ක් අඩංගු බවය.


කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සොහොයුරු මුත්තයියා ශෂිනදරන් විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇති බැවින් එහි තීන්දුව ලැබෙන තෙක් ඔහුගේ දඩු මුදල ගෙවීම පමා කිරීමට අවසර දී ඇත.

More News