එල්ටීටීඊ යේ රූපවාහිනී නිවේදිකාවක වූ ශෝභා හෙවත් ඉසයිප්‍රියා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගෙන මරා දමන ලද බවට එල්ල වන චෝදනා පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව ආණ්ඩුවේ පාර්ශ්වකාර ඊපීඩීපී සංවිධානය පවසයි.
හමුදා භට පිරිසක් ඇය ජීවග්රහයෙන් අත් අඩංගුවට ගෙන එල්ටීටීඊ නායක ප්රභාකරන්ගේ දියණිය දැයි විමසන අවස්ථාවේ, තමන් ප්රභාකරන්ගේ දියණිය නොවන බව ඇය දෙමළ භාෂාවෙන් පිළිතුරු දෙන අන්දම චැනල්4 නාලිකාව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.
ඇයට ලිංගික අතවර කොට මරා දමා ඇති බව චැනල්4 වාර්තාව පවසන නමුත්, ඒ සියලු චෝදනා අසත්‍ය බව හමුදාව පවසයි.
චැනල්4 වීඩියෝ පටයේ ඇතුලත් දර්ශන මගින් ලොව පුරාම දෙමළ ජනතාව කම්පනයට පත් වී සිටින බවයි, ඊපීඩීපී සංවිධානයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට තිබෙන නිවේදනයක දැක්වෙන්නේ.
ඉසයිප්‍රියා ඝාතනය පිළිබඳව පමණක් නොව යුද සමයේ සිදු වූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු යයි තමන් මීට ඉහතදීත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බව සංවිධානයේ නායක කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.
අදාළ වීඩිය පටය තමන් දුටු බවත්, එය සත්‍ය වාර්තාවක් යයි විශ්වාස කරන බවත් මේ අතර සෙනසුරාදා වාර්තාකරුවන් ඇමතූ ඉන්දීය මුදල් අමාත්‍ය පී චිදම්බරම් කියා සිටියේය.
ශ්‍රී ලංකා රජය ඒ ගැන සොයා බලා ඊට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණ විය යුතු බවද ඉන්දීය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉසයිප්‍රියා අත් අඩංගුවට ගැනීමේ සිදුවීම ඇතුළු බරපතල යුද අපරාධ චෝදනා රැගත් නෝ ෆයර් සෝන් (No Fire Zone) චිත්‍රපටය අද රාත්‍රියේ චැනල්4 නාලිකාව මගින් විකාශණය කිරීමට නියමිතයි.
එම ඝාතනය කිරීමේ වීඩියෝව පහතින්