පුත්තලම සිට විල්පත්තුව අභය භූමිය ඔස්සේ මන්නාරම දක්වා මාර්ගයක් ඉදිකිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙයි.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කොට තිබිණ.පෙත්සම් කරුවන් කියා සිටින්නේ එම මාර්ගය ඉදිකිරීම තුලින් පාරිසරික හානි රැසක් සිදුවන බවයි.
මේ පිළිබඳව අධිකරණ හමුවේ කරුණු දක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මාර්ග සංවර්ධන අධිකාරියට නියම කළේය.
ජාතික අභය භූමියක් ඔස්සේ මගී ප්‍රවාහන මාර්ගයක් ඉදිකිරීම නීති විරෝධී බව පවසන පෙත්සම්කරුවෝ එමගින් ප්‍රදේශයේ වන සතුන්ට මෙන්ම වෘක්ෂලතා ආදියට හානි සිදුවන බව කියා සිටිති.
එම වන සතුන්ගේ ප්‍රහාරවලින් මහජනතාවටද හානි සිදුවීමට ඉඩ කඩ ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.