Sunday, November 3, 2013

Written on

'ඉසයිප්‍රියා' ඝාතකයන්ට දඬුවම් දිය යුතුයි - ඉන්දීය මුදල් ඇමති

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහභාගිවනවාද නැද්ද යන ප්‍රශ්නය තවත් ව්‍යාකුල වෙමින් තිබේ.

ඉන්දීය මුදල් ඇමති පී.චිදම්බරම් තමිල්නාඩුවේ, ඩී එම් කේ නායක එම්.කරුණානිධි මුණ ගැසුණු අතර මේ ගැටළුව ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි මුදල් ඇමති පී. චිදම්බරම් මාධ්‍යවේදීන් ට පැවසුවේය.


චැනල් ෆොර් (Channel 4) රූපවාහිනී නාලිකාවේ ප්‍රදර්ශනය වූ ප්‍රවෘත්ති වැඩසටහනේ දැක්වුණු අන්දමට නිවේදිකා ශෝභා හෙවත් ඉසයිප්‍රියා ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් අත් අඩංගුවට ගෙන මරා දැමුවා නම් ඒ පිළිබඳවත් වැඩි දුර සොයා බැලිය යුතු බවයි මුදල් ඇමති චිදම්බරම් ප්‍රකාශ කළේ.


ඉසයිප්‍රියා හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන රූපවාහිනී දර්ශන තමන් දුටු බවත් ඒවා සත්‍ය බවට තමන් විශ්වාස කරන බවත් ඔහු කියා සිටියේය.


ශ්‍රී ලංකා රජය ඒ ගැන සොයා බලා ඊට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණ විය යුතු බවයි ඉන්දීය මුදල් අමාත්‍ය පී.චිදම්බරම් තවදුරටත් ප්‍රකාශ කළේ .

More News