මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව මාර්ග සෑදීමට යැයි පවසමින් ආණ්ඩුව රුපියල් බිලියන 16.78ක (රු.16,780,000,000) ණය මුදලක් හැටන් නැෂනල් බැංකුවෙන් (HNB) හා වර්ධන බැංකුවෙන් (DFCC) ලබාගැනීමට මේ වනවිටත් ආණ්ඩුව සැලසුම් කර ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සදහා පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතියද ලැබී ඇති අතර එසේ ණය දෙන බැංකුවලට භාණ්ඩාගාර ඇපකරයන් නිකුත් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ.
ආණ්ඩුව පසුගියදා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් (NSB) ණය ලබාගැනීම නිසා දැඩි මුල්‍ය අවදානමකට ලක්ව තිබූ එම බැංකුව ජාත්‍යන්තර බැංකුවලින් ණය ලබාගැනීමටද කටයුතු කළේය.