Monday, November 4, 2013

Written on

ලග්ගල පොලිස් මාරුවේ ඇත්ත කතාව

අනවසර මැණික්‌ පතල් මැඩලීමට බාධාවක්‌ බව කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා පසුගිය 31 වැනිදා මාතලේ දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමේදී පවසමින් ලග්ගල පොලිසියට චෝදනා කළ අතර මේ වනවිට ඉන් පොලිස් නිලධාරීන් 07දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

මෙසේ මාරුකර යවා ඇති පොලිස් නිලධාරීන් ලග්ගල ප්‍රදේශයේ ජීවත්වූවන් බවත් ඔවුන් මෙම මැණික් පතල් වැටලීමේ කණ්ඩායමට අනුයුක්ත කළත් ඔවුන් එම කටයුත්ත සිදු නොකරන බව පවසමින් මෙසේ මාරු කර ඇත.

මෙහි ඇති සෑම මැණික් පතලකටම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් නීත්‍යානුකූල බලපත් ලබාදී තිබේ. එහෙත් ඔවුන් එම බලපත් පාවිච්චි කරමින් එම පතල් ආශ්‍රිත ප්‍රදේශවල නීතිවිරෝධී අයුරින් මැණික් ඉල්ලම් හාරමින් සිටී.

මේ වනවිටත් බැකෝ යන්ත්‍ර 08ක් යොදාගනිමින් ඉල්ලම් කැනීම සිදුකරන බවත් එම ඉල්ලම් සහිත පස් අඹන්ගඟේ සේදීම සිදුකරන බවත් වාර්තාවේ. එම මැණික් පතල් කැනීමේදී සපුරා තහනම් කටයුත්තකි.

පතල් හිමිකරුවන් ආයුද සන්නද්ධ පාතල කණ්ඩායම් යොදා ගනිමින් මෙසේ නීතිවිරෝධී ක්‍රියාව සිදුකරන අතර මේ වනවිට අඹන්ගඟ අපවිත්‍රවී තිබේ. එහි රෝන්මඩ පිරී ඇත.

කෙසේ නමුත් වාර්තාවන අන්දමට මෙම පතල් හිමිකරුවන් අතර වත්මන් සන්ධාන ආණ්ඩුවේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රණාන්දු, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත මහතාගේ සොහොයුරෙකු, ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු, ආණ්ඩුවේ තවත් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුද සිටී.

මේ තත්වය තුළ මෙම මාරුකිරීම් හාස්‍යයට කරුනක් බව විචාරකයින්ගේ අදහස් වී ති‍බේ.

More News