Saturday, November 9, 2013

Written on

මත් පැන් බීම පරාභව සූත‍්‍රයට අනුව වරදක් – ඤාණසාර හිමි

බුදු සමය තුල සුරාවට සූදුවට ඉඩක් නැතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.

පරාභව සූත‍්‍රය අනුව ස්ත‍්‍රී ලෝලියෙකු වීම, මත් පැන් බොන්නෙකු වීම, සූදුවේ යෙදෙන්නෙකු වීම පරාභවයට හේතු වන්නේ යයිද උන් වහන්සේ සඳහන් කරති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ කැසිනෝ පනත සම්මත කිරීමට ගන්නා උත්සාහයන් සාර්ථක කිරීමට ඉඩ නොතබන බවයි.

මහ ලේකම් හිමියෝ මේ බව සඳහන් කලේ කැසිනෝ පනතට විරෝධය පල කරමින් කොළඹ නව නගර ශාළාවේ පැවති ජන හමුවක් අමතමිනි.


දැන් ශ‍්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්ය කෙසේ වෙතත් ආසියාවේ සූදු තිප්පල බවට පත් වෙමින් ඇත්තේ යයිද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කීහ.

More News