අරුන්දිකගේ ගෝලයා නිල්බලකායේ ලොක්කෙක්.
"ඡන්දේ කාලෙ තමයි සල්ලි ගත්තේ. අපි හිතුවේ ඡන්දෙන් පස්සේ අපිට රට රස්සා ලැබෙයි කියලා. මේක ආණ්ඩුවෙන් කරන වැඩක් කියලා විශ්වාස කරලයි අපි රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් මන්ත්‍රීතුමාට දුන්නේ" තරුණයෝ පවසති.
විදේශ රැකියා සඳහා ඉතාලියට යවන බව පවසා වෙන්නප්පුව ප්‍රදේශයේ තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් කොළඹගේ මහතා එම තරුණයන්ට මරන තර්ජන එල්ල කර ඇතැයි වාර්තාවේ.
රැකියා ලබා දීම සඳහා කොටා හයක් තමන්ට ලැබී ඇති බැවින් රුපියල් ලක්ෂ හත හමාරක් (රු.750,000) ගෙවන්නේ නම් ඉතාලියේ රැකියා සොයා දිය හැකි බව පවසා මන්ත්‍රී වරයා ලිපියකටද අත්සන් ගෙන තමන්ගෙන් මුදල් ලබාගත් බවත් ලුනුවිල දක්ෂිණ චාමර සඳ කැලුම් මහතා මාධ්‍යවෙත පවසා තිබේ.
මන්ත්‍රීවරයා තාරුණ්‍යයට හෙටක් සහ නිල් බලකායේ වෙන්නප්පුව සංවිධායක පදවිය දරන බවට දැක්වෙන ප්රචාරක පුවරුද තැන තැන ප්‍රදර්ශනය කර ඇතැයි පැවසේ.
"තාත්තගේ ඉඩම උගස් තියල තමයි ලක්ෂ දෙක හමාර ගත්තේ. ලක්ෂ දෙකහමාරට මාසෙකට පොලිය රුපියල් විසිදාහක් (රු. 20,000). දැනටම ලක්ෂයක් විතර පොලිය ගෙවල," යැයි චාමර මහතා පවසයි.