දමස්කස් අගනුවර අසල ප්රදේශයක ආණ්ඩුවේ හමුදා විසින් අටවනු ලැබ තිබෙන මුර කපොලු බිඳ දැමීමට උත්සාහ කළ අවස්ථාවේ දෙපාර්ශවයේම සටන්කරුවන් එකසිය හැට දෙනකුවත් මරුමුවට පත් වූ බව සිරියාවේ ආණ්ඩු විරෝධී කැරලිකරුවෝ පවසති.
ගුටා ප්රදේශයේ මුර කපොලු සහ වෙනත් හමුදා ඉලක්කවලට ජිහාඩ්වාදීන් ඇතුළු කැරලිකරුවන් ප්රහාර එල්ල කළ බවයි, ඔවුන් පවසන්නේ.
මේ අතර සිරියාවේ සිවිල් යුද්ධයෙන් දරුවන් එකොලොස් දහසකට අධික පිරිසක් මරුමුවට පත් වී තිබෙන බව අලුත්ම සමීක්ෂණයකින් හෙළිදරවු වී තිබේ.
බීබීසීය සහ ඔක්ස්ෆෝර්ඩ් සමීක්ෂණ කණ්ඩායම විසින් මෙහෙයවන ලද එම සමීක්ෂණයට අනුව එයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙන්නේ තුවක්කුකරුවන් විසින් ඔවුන් ඉලක්ක කොට වෙඩි තැබීමෙන් හෝ නඩු විභාගයකින් තොරව ඝාතනය කිරීමෙන්.
යාන්තමින් අවුරුද්ද්දක් පිරුණු අත දරුවන් පවා වධ බන්ධනවලට ලක් කොට මරා දමා ඇති බවද සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
කෙසේ නමුත් දරුවන් ගෙන් අති බහුතරය මරුමුවට පත් වූයේ ඔවුන් වෙසෙන ප්රදේශවලට කාලතුවක්කු ප්රහාර පතිත වීම හේතුවෙන් වබද වාර්තාව පවසයි.
සිරියාවේ දරුවන්ට එරෙහි ප්රචණ්ඩ ක්රියා වහාම නවත්වන මෙන් සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින සමීක්ෂණ වාර්තාව, බරපතල යුද අපරාධ සිදු කරන්නන්ට එරෙහිව නඩු පවරා දඬුවම් කරන මෙන්ද ඉල්ලීමක් කරයි.