ඊයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ පැවති තරඟය ශ්‍රී ලංකා පිල ජය ගත්තේ තව දුරටත් 20-20 ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන රැක ගනිමිනි.
ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලද මෙම තරඟයේ දී ශ්‍රී ලංකා 20-20 කණ්ඩායම නියෝජනය කිරීමට මුල් වරට අවස්තාව ලද්දේය.
රමිත් රඹුක්වැල්ල පසුගිය කාලයේ පුවත් මැවුවේ අඩි 35000ක් ඉහල අහසේදී ගුවන් යානයක කල කලබලයක් හේතුවෙනි. ඇතැමුන් චෝදනා කලේ පියාගේ දේශපාලන බලය මතින් ශ්‍රී ලංකා කණ්ඩායමට ආ බවකි.
ඒ සියළු තැන්හිදී නිහඬව සිටි රමිත් සිය පළමු 20-20 තරඟයෙන්ම තමන් සම්බන්ධයෙන් තේරීම් කමිටුව ගත් තීරණය නිවැරදි බව කිව හැකි අන්දමේ යමක් කර ඇත.
තුන් ඉරියවු ක්‍රීඩකයෙකු වූ ඔහුට පන්දු යැවීමට පමණක් ඉඩ ලැබුනද ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන් අතින් සැලකිය යුතු ප්‍රහාරයකට ලක් වෙද්දී රමිත් සිය පන්දු ඕවර හතර නිමා කලේ නවසීලන්න ප්‍රබල මැද පෙල පිතිකරුවෙකද දවා ගනිමින් ලකුණු 19ක් පමණක් ලබා දෙමිනි. එය වරක් 20-20 ලෝක ශූරතාවය පවා දිනූ නවසීලන්තයට එරෙහිව විශිෂ්ඨ පන්දුකරණයකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට එය තීරණාත්මක නොවූයේ යයි කිසිවෙකුට කිව නොහැකිය.
පළමු තරගයෙන්ම රමිත් රඹුක්වැල්ල තමන් වැඩකාරයෙක් බව පෙන්වූයේය.
කෙසේ වෙතත් ඔහු සුපිරි ක්‍රීඩකයෙකු යයි කීමට වේලාසන වැඩිය. එය තීරණය කරනු ඇත්තේ කාලයයි. රමිත්ටද යමක් කල හැකි බව පමණක් සිතීම දැනට සාධාරණය.