
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට මුවා වී චාල්ස් කුමාරයාගේ මූලිකත්වයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ආණ්ඩුව උත්සහ කරන බවට චෝදනා කළ හෙතෙම, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඊට කිසිසේත්ම ඉඩනොදෙන බව ද කීය.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් යැයි පවසමින් සියලූ සරසවි වසාදමන්නට ආණ්ඩුව තීරණය කළේ මෙම කටයුත්ත නිදහසේ කරගැනීමට අවශ්‍ය නිසා බව ද බණ්ඩාර මහතා පැවසීය.