Video Sponsored by adaderana
Updates 3:25pm
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි තාවකාලික ගොඩනැගිල්ලක අද (30) පෙරවරුවේ ගින්නක් ඇති විය. ගින්න මේවන විට සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බව ගිනි නිවන හමුදාව කියයි. කෙසේ වුවද ගින්නට හේතුව අනාවරණය වී නැත. ගින්නෙන් එහි තිබූ ප්‍රදර්ශන භාණ්ඩවලට හානි වී ඇති බව පොලීසිය පවසයි. චොගම් සමුළුවේදී මාධ්‍ය කටයුතු සඳහා යොදාගත් පරිශ්‍රයේ ගින්න හටගත් බව ද වාර්තාවෙයි. මේ එහි දසුනකි. (වීඩියෝ)