මත්කුඩු බෙදා හරින ජාවාරම්කරුවන් පාසල් ළමයින් ඉලක්කකර ගැනීමේ උත්සාහයක යෙදෙන බව ලැබුණු තොරතුරුවලට අනුව ඒ ගැන අවධානයෙන් සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පාසල් දරුවන් පිළිබඳව නිරන්තර සෙවිල්ලෙන් සිටින ලෙස විදුහල්පතිවරුන්ගෙන් හා දරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීය.
සිය දරුවන් පිළිබඳව විශේෂ අවධානයකින් සිටින ලෙසත් මවුපියන් ගෙන් ද විශේෂ ඉල්ලීමක් කෙරේ.
පාසල් අසල කුඩු බෙදා හැරීමක් කෙරෙන්නේ නම් එම ජාවාරම්කරුවන් ඇල්ලීමට පොලිසිය විශේෂ බුද්ධි තොරතුරු ජාලයක් යොදා ඇති අතර තොරතුරු සැපයීමෙන් පොලිසියට සහාය වන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරයි.
පසුගිය සතියේ මත්කුඩු වලට යොමුව සිටි කොළඹ සුපිරි පාසලක සිසුන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට එහි විදුහල්පතිවරයා කටයුතු කර තිබිණ.