බි්රතාන්ය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල් දෙමළ ඩයස්පෝරාව වැඩියෙන්ම සිටින රටවල් 05ට අයත් බව බි්රතාන්යයේ ශ්‍රී ලංකා තානාපති කි‍්‍රස් නෝනිස් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ සී.එන්.එන්. ප්රවෘත්ති සේවාවේ අමන්පූර් වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
සී.එන්.එන්. මාධ්‍යවේදියා විසින් නෝනිස් මහතා කොටු කර ගැනීමට කිහිප විටක්ම උත්සාහ ගත්තත් ඉතා ශූර ලෙස එම අවස්ථාවන්ට මුහුණ දුන් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව ඉතා ඉහලින් ඔසවා තැබීමටද සමත් විය.
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙද්දී ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදී යුද්ධය පෝෂණය කළ කණ්ඩායම් ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ප්රචාරක ව්‍යාපාරය දියත් කර ඇති බවද කී ඔහු ස්වෛරී රටක් ලෙස මෙරට සිදුවීම් පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇති බවත් ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ අනවශ්‍ය බවත් දැඩිව කියා සිටියේය.
ප්රවෘත්ති නිවේදකයා විසින් කැනඩාවේ සහ ඉන්දියාවේ නායකයන් සමුළුවට නොපැමිණීම පිළිබඳව විමසීමේදී මහකොමසාරිස්වරයා කියා සිටියේ බි්රතාන්ය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල් දෙමළ ඩයස්පෝරාව වැඩියෙන්ම සිටින රටවල් 05ට අයත් බවයි. එමෙන්ම ධනවත්ම ඩයස්පෝරාව සිටින්නේ එම රටවල බවද ඔහු කියා සිටියේය.