Monday, November 11, 2013

Written on

තරුණ සමුළුව සංවේදී වු මොහොතක්

පොදුරාජ්‍ය මණ්ඩල නායකයින්ගේ සමුළුවට සමගාමිව පොදුරද තරුණ සමුළුව අද පෙරවරුවේ ඇරඹිණ. ඒ හම්‍බන්තොට රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදීය.

එහි සමාරම්භක අවස්ථාවට ජනපති මහින්ද රාජපක්ෂ, පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා, ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ඇමති ඩලස් අලහප්පෙරුම, පා.ම. නාමල් රාජපක්ෂ, දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී  විවිධ නර්තනයන් ගායනයන් මෙන්ම විචිත්‍රාංගයන්ගෙන් සමන්විත අත්සවාංග රැසක් සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථාන වේදිකාවේදී පැවැත්විණි.

මෙහිදී ඉදිරිපත්වූ අංග අතරින් වඩාත් ආකර්ෂණීය අංගයක් වූයේ අබාධිත තරුණ පිරිසක් ඉදිරිපත් කළ අපූරු ගීතයයි.

විවිධ ආබාධයන්ගෙන් සමන්විත එම තරුණයින් වේදිකාවේ සිට මුළුමහත් ප්‍රේක්ෂකාගාරයම සිය අණසකට නතු කරගත්තේ බොහෝ දෙනාගේ නෙතඟට කඳුළක්ද මෝදු කරවමිනි.

ගීතය අවසන් වෙත්දී ජනාධිපතිවරයා, පොදුරාජ්‍ය මණ්ඩලයීයේ මහලේකම්වරයා ඇතුලු සියලුම දෙනා අසුන්වලින් නැඟිට ස්වකීය උත්තමාචාරය එම භාධිත තරුණ පිරිසට එක්කරනු ලැබීය.මෙම තරුණයින් සියලුදෙනාම ජාතික තරුණසේවා සභාවේ ‘සිහිනය’වැඩසටහන තුළින් පෙරට පැමිණි පිරිසක් වීමද විශේෂ විය.

More News