BMICH ගින්න ඇතිවුනේ පෙට්‍රල් වාෂ්ප කාන්දුවකින් ලු
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ඉදිකර තිබු තාවකාලික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නට හේතුව පෙට්‍රල් වාෂ්ප කාන්දුවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
නව නිපැයුම්කරුවෙකු විසින් ආහාර පිසීම සඳහා නිපදවා තිබූ උදුනකින් මෙම පෙට්‍රල් වාෂ්ප කාන්දුව සිදුවු බව ඔහු පවසා සිටියි.
අදාළ උදුනට සම්බන්ධ පද්ධතිය නිසි පරිදි සැකසී නොතිබීම හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට යාමේදී මෙම ගින්න හටගන්නට ඇතැයි පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මසකට රුපියල් 1500ක් වැනි මුදලකට ආහාර පිසීම සඳහා 24 හැවිරිදි තරුණයෙකු විසින් එම නව නිපැයුම නිෂ්පාදනය කර තිබුණේ අද ආරම්භ වූ සහසක් නිමැවුම් 2013 ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම සඳහාය.
මේ අතර, පොදුරද සමුළුවේදී මාධ්‍ය කටයුතු සඳහා යොදාගත් පරිශ්‍රයේ මෙම ගින්න ඇති වී තිබෙන බවට පැතිර යන වාර්තා අසත්‍යය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගිනි නිවන හමුදාවේ ගිනි නිවන රථ කිහිපයක් යොදවා පැයක පමණ කාලයක් අතරතුර ගින්න සම්පුර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කර තිබුනද ඒ වන විටත් එම ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබූ බව වාර්තා වේ.
මෙම ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර තවත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරයි.