Friday, November 15, 2013

Written on

ඉරාකයේ බෝම්බ ප්‍රහාරවලින් හතළිහක් මරුට

ඉරාකයේ ෂියා වන්දනාකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් හතලිකට ආසන්න පිරිසක් මිය ගොස් තිබේ.

තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ෂියා දින දර්ශනයට අනුව ඉතාමත්ම වැදගත් සිදුවීමක් වන ‘අසුර’ (Ashura) උත්සවයේ උත්කර්ෂවත් අවස්තාවෙදීයි මේ ප්‍රහාර එල්ලවී තිබෙන්නේ.

දියාලා (Diyala) ප්‍රාන්තයේ, අල් සාදියා Al Sadiya නගරයේ දී වීථි සංචාරය කළ පෙරහරකට එක්වූ මරා ගෙන මැරෙන බෝම්බ කරුවෙකු සිය බෝම්බය පුපුරවා ගැනීමෙන් තිස් දෙනක් ජීවිතක්ෂයට පත් විය.

එය එක් සිද්ධියක් වන අතර ඊට සමගාමීව බැග්ඩෑඩ් නගරයට දකුණින් පිහිටි හෆ්රියා Hafriyah නගරයේ බෝම්බ දෙකක් පුපුරා යාමෙන් නව දෙනකු මිය ගොස් ඇතැයි නිලධාරීහු පවසති.

More News