පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව (චොගම්) වෙනුවෙන් ලබන 6, 7 හා 9 යන දිනවල සිට පාසල් 36 ක් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති අතර කොළඹ පාසල් 29 ක් 6 වැනිදා සිට 19 වැනිදා දක්වා වසා තැබේ.
එම පාසල් මෙසේය. මහානාම විදුහල කොළඹ 03, බාරොන් ජයතිලක විදුහල මාළිගාවත්ත, රාජසිංහ විදුහල මාළිගාවත්ත,අශෝක විදුහල මරදාන, ආනන්ද විදුහල මරදාන, විහාරමහා දේවි බාලිකා විදුහල මරදාන, සංඝරාජ විදුහල මරදාන, හෝලි රොසරි සිංහල විදුහල කොම්පඤ්ඤවීදිය, හෝලි රොසරි දෙමළ විදුහල කොම්පඤ්ඤවීදිය, ටී. බී. ජයා විදුහල කොම්පඤ්ඤවීදිය, අල්ඉග්බාල් විදුහල කොම්පඤ්ඤවීදිය, මිහිඳු විදුහල කෙසෙල්වත්ත, අල්හිග්මා විදුහල කෙසෙල්වත්ත, කොටහේන මධ්‍ය මහා විද්‍යාලය කොටහේන, ශාන්ත පාවුළු බාලිකා විදුහල බම්බලපිටිය, හින්දු විදුහල බම්බලපිටිය,විශාකා විදුහල කොළඹ 05, ඉසිපතන විදුහල කොළඹ 05, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල කොළඹ 08,සුසමයවර්ධන විදුහල කොළඹ 08, රාජකීය විදුහල කොළඹ 07, ඩී. එස්. සේනානායක විදුහල කොළඹ 07, තර්ස්ටන් විදුහල කොළඹ 03, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල කොළඹ 07, ආනන්ද බාලිකා විදුහල මරදාන, ගෝතමී බාලිකා විදුහල මරදාන, නාලන්ද මහා විද්‍යාලය බොරැල්ල, මහාබෝධි විද්‍යාලය කොළඹ 02, සාරිපුත්ත විද්‍යාලය කොළඹ 02.
මීට අමතරව මීගමුව හරිශ්චද්ර ජාතික පාසල ද 6 වැනිදා සිට 17 වැනිදා දක්වා වසා තැබේ.
එමෙන්ම කොළඹ රත්නාවලී බාලිකා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හා ක්ලිප්ටන් යන පාසල් ද 7 වැනිදා සිට 19 දා දක්වා වසා තැබෙන බව අමාත්‍යාංශය පවසයි.
ලබන 9 වැනිදා සිට 15 වැනිදා දක්වා ආඬිඅම්බලම මහා විද්‍යාලය වසා තැබෙන අතර කොළඹ අල්හිදායා සහ ඊ. ඒ. ගුණසිංහ යන විදුහල් 9 වැනිදා සිට 19 වැනිදා දක්වා වසා තැබේ.